හෑදින්වීම

clash-of-clans-wallpaper-troops-5
Clash of Clans ගැන ඇත්තෙන්ම අපේ කට්ටියට හැදින්වීමක් කරන්න ඕනෙම නැති තරම්. ඒ තරම් මෙහෙ කට්ටිය මේ game එක ගැන හොදටම දන්නවා.නමුත් හැදින්වීමක් නොකර  පටන් ගත්තම අසම්පුර්ණ ගතියක් තියන හින්ද මම පොඩි හැදින්වීමක් කරන්නම් මේ ගැන.

 ඇත්තටම මේ වගේ game වලට කියන්නෙ MMO Strategy game කියලයි. MMO කියන්නෙ Massively Multiplayer Online කියන එකයි. ඇත්තෙන්ම ඒ නම මේකට හරියටම ගැලපෙනවා. මොකද මේකේ single player mission තිබුනට ගොඩක් කට්ටිය ඒවා සෙල්ලම් කරන්නෙම නැති තරම්. මේක ඉස්සෙල්ලම release උනේ IOS වලට. එක අවේ 2012 අගෝස්තු වල. අපේ ගොඩක් කට්ටිය සෙල්ලම් කරන android device වලට මේක release උනේ 2013 ඔක්තෝම්බර් වලයි.

දැන් මම game එකේ මොකක්ද කරන්න තියෙන්නේ කියල කියන්නම්. ඔයාල ගොඩක් කට්ටිය අහල ඇති Age of Empires කියල පරිඝනක ක්‍රීඩාවක් ගැන, අන්න ඒ වගේ තමා මේකත්. තමන්ගේ කදවුරක් හදාගෙන සල්ලි එකතු කරන ගමන් අනිත් අයගේ ඒවටත් ගහල එයාලගේ සල්ලි එකතු කරගෙන තමන්ගේ කඳවුර  upgrade කරගන්න එක තමයි මුළු game එක පුරාම දකින්න තියෙන්නේ. ඊට අමතරව මේ game එක සෙල්ලම් කරන තමන්ගේ යාලුවෝ කට්ටිය සෙට් කරගෙන තමන්ගේම කියල කල්ලියක් හදාගෙන ඒ වගේ හදාගෙන ඉන්න අනිත් අයගේ කල්ලි එක්ක සටන් කරන්නත් පුළුවන්. එක හදුන්වන්නේ war කියල. කල්ලි කියල මම මෙතෙන්දි කිව්වට game එකේදී ඒ විදියේ කල්ලියක් හදුන්වන්නේ clan යන නමින්.

දැන් මම කලින් කිව්වනේ game එකේදී කරන්න තියෙන්නේ සල්ලි එකතු කරන්න කියල. එතෙන්දි මම සරලව සල්ලි කියල හැදින්වුවට ඇත්තටම මේකේ එහෙම ජාති දෙකක් තියනවා. එකක් තමයි Gold අනිත් එක තමයි Elixir. මේ දෙකට අමතරව townhall එක level 7 වලට Upgrade කලට පස්සේ Dark Elixir කියල ජාතියකුත් හම්බ වෙනවා. මේ dark elixir ඕනේ වෙන්නේ dark troops හදන්න. ඒ වගේම heros ලව ගන්න.ඔය ජාති 3ම හදන්න අපිට Collectors හම්බ වෙනවා. ඒ කියන්නෙ නිකන් පතල් වගේ.අපේ townhall එක level up වෙන්න වෙන්න අපිට හම්බ වෙන පතල් ගැනත් වැඩි වෙනවා. ඒ වගේම එක පතලක් level up වෙන්න වෙන්න එකෙන් පැයකට නිෂ්පාදනය කෙරෙන gold elixir ප්‍රමාණයත් වැඩි වෙනවා.
මේ දේවල් ගැන සම්පුර්ණයෙන් වෙන වෙන ම ඉදිරිපත් කරන්නම්. මෙතනම ඒවා ගැන කියන්න ගියොත් හැදින්වීම දිග වැඩි වෙනවා.

මේක ගැන කතා කරද්දී ඉස්සෙලම collectors ගැන හදුන්වල දුන්නට ඇත්තෙන්ම ඉස්සෙල්ලම කතා කරන්න ඕනේ townhall එක ගැනයි. ඇත්තෙන්ම මේ townhall එක කියන්නෙ රටක තියන රජමාලිගය වගේ දෙයක්. ඔයාගේ කඳවුරේ හදවත කියන්නෙ townhall එක කියල කිව්වොත් නිවැරදියි. අපි ඕනෙම කඳවුරකට attack කරද්දී ඒ කඳවුරෙන් 50%ක් විනාශ කලාම එක තරුවකුත් townhall එක විනාශ කලාම තව තරුවකුත් 100% විනාශ කලාම තව තරුවකුත් වශයෙන් උපාය ගන්න පුළුවන්. කොහොමත් ඕනෙම attack එකකින් එක තරුවක් හරි හම්බ වෙනවා කියන්නෙ ඒ සටනෙන් අපි දිනුම් කියන එකයි. ඒ හින්ද තමන්ගේ townhall එක පරිස්සම් කරගන්න එක ගොඩක් වටිනවා, මොකද townhall එක විනාශ උනොත් අනිවාර්යෙන් ඒ සටනෙන් අපේ කඳවුර පරදින හින්ද. townhall ගැන කතාව ඔච්චරයි.

මෙතනින් එහාට නම් game එක ගැන කතා කරන්න විශේෂ දෙයක් නැහැ, game එකේ ඉන්න troops ගැනයි. අනිකුත් දේවල් ගැනයි. පොඩි පොඩි tips වගේ දේවලුයි, වෙන වෙනම කියලා දෙන්නම්. අන්තිමට කියන්න විශේෂ දෙයක් තියනව. 

Game එකෙන් හම්බ වෙන GEMS කවදාවත් නිකරුනේ නාස්ති කරන්න එපා!!! 

ඔච්චරයි අන්තිමට කියන්න තියෙන්නෙ.  Boost එකක් වගේ දෙකට gems ටිකක් දැම්මට කමක් නෑ. පුළුවන් තරම් gems එකතු කරලා 5th builderට යනකම් ගන්න බලන්න.

1 comment:

  1. O
    Mn builder 5 gnna hitiye 7 wldi mall I gem kala mt gem ganna widiyak kiyannko

    ReplyDelete